ඔන්ලයින් පන්තිය අතරේ ‘උපකාරක පන්ති ගුරුවරයා කළ දේ ‘ හෙළිවේ

ඔන්ලයින් පන්තිය අතරේ ‘උපකාරක පන්ති ගුරුවරයා කළ දේ ‘ හෙළිවේ

මාර්ගගත අධ්‍යාපනය ලබාදෙන අතරවාරයේදී 15 හැවිරිදි දැරියකගේ අසභ්‍ය ඡායාරූප ගෙන්වා ගත් බව කියන උපකාරක පන්ති ගුරුවරයකු පානදුර දිග්ගල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර විද්‍යා විෂය උගන්වන ගුරුවරයා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.

කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරිය මෙම වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇති අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා සැකකාර ගුරුවරයා උගන්වන මහරගම උපකාර පන්තියකට යොමු කර තිබුණා.

 

Share This