ඔන්ලයින් නිසා 8 වසරේ දැරියකුත් අනතුරේ

ඔන්ලයින් නිසා 8 වසරේ දැරියකුත් අනතුරේ

කොරෝනා නිරෝධායන කාලයේ ඔන්ලයින් අධ්‍යාපනය කරන මුවාවෙන් පාසල් සිසුන් සමග හාද වී අතින් අතට ගිය බව කියන අවුරුදු 13ක බාල වයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීම හේතුවෙන් සැකකාර තරුණයකු සහ ඊට අනුබල දුන් වයස අවුරුදු 16 ක සිසුවෙකු පසුගිය 24 වෙනිදා මොරටුමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

සිසුවා සහ දැරිය පාසල් දෙකක ඉගෙනුම ලබන අතර දැරිය අට ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන බවයි සඳහන් වන්නේ

මෙම දැරියගේ මව විසින් දැරිය නිවසේ නොමැති බවට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා

ඒ අනුව දැදිගම පොලිසියෙන් වරකාපොල නිවසක සිටියදී දැරිය සහ ඇගේ පෙම්වතා යැයි කියන සැකකරු සහ එම දෙදෙනාට නවාතැන් සැපයු සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙම දැරිය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව දැරිය දුෂණයට ලක්වී ඇති බවටත් මිට පෙර අවස්ථා කිහිපයකදීම අතවරයට ලක්වී ඇති බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබු බව පොලිසිය පවසනවා

විමර්ශනවලදී දැරිය මුලින්ම අපයෝජනය කළ තරුණයා සහ ඊට අනුබල දුන් 16 හැවිරිදි සිසුවාද අත්අඩංගුවට ගෙන තිබෙනවා

දැරිය තවත් පෙම්වතුන් සමඟ සබඳතා පවත්වා ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ

 

 

Share This