ඔංචිල්ලාවක ගෙල හිරවීමෙන් එකොළොස් වියැති දැරියක් මරුට

ඔංචිල්ලාවක ගෙල හිරවීමෙන් එකොළොස් වියැති දැරියක් මරුට

දැරණියගල, මාලිබොඩ ප්‍රදේශයේ අවුරුදු 11ක දැරියක් තම නිවෙසේ සාරියකින් බැඳ තිබූ ඔංචිල්ලාවක ගෙල හිරවීමෙන් පසුව මියගොස් තිබෙනවා.

මියගිය දැරිය තම සහෝදරයන් සමග නිවෙසේ නිදන කාමරයේ සාරියකින් බැඳ තිබූ ඔංචිල්ලාවක් පදිමින් සිටියදී මව කාමරය වෙත ගොස් ඇති අතර එවිට එම කාමරයේ දොර වසා වසා තිබී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මව ජනේලයෙන් එම කාමරයට ඇතුළු වී තිබෙනවා.

එහිදී දැරිය සාරි ඔංචිල්ලාවේ හිර වී සිට ඇති අතර රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබුණු බවයි වාර්තා වන්නේ.

Share This