එළවළු වර්ග 12කින් යුත් මල්ලක් රුපියල් 500යි

එළවළු වර්ග 12කින් යුත් මල්ලක් රුපියල් 500යි

ආර්ථික මධ්‍යස්ථානවල තොග මිල ගණන් යටතේ එළවළු වර්ග 12කින් යුත් එළවළු මල්ලක් රුපියල් 500ක සහන මිලට කොළඹ දිස්ත‍්‍රික්කයේ අලෙවි කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

මීට අමතරව වේයන්ගොඩ, දඹුල්ල සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථානවලින් මිල දී ගන්නා ලද වියළි ආහාර ද්‍රව්‍ය හා එළවළු දෙපාර්තමේන්තුවේ භට පිරිසගේ ශ‍්‍රම දායකත්වයෙන් ඉතාමත් සහන මිලට මරදාන, බොරැුල්ල, දෙමටගොඩ, බම්බලපිටිය, ගල්කිස්ස, නුගේගොඩ, ජාඇල, ගම්පහ, කඩවත, වත්තල, කිරිබත්ගොඩ සහ මාබෝල යන ප‍්‍රදේශයන්හිදී ජංගම සහන රථ 10ක් යොදාගෙන අලෙවි කිරීම ද සිදු කරනු ලබනවා.

ඒ සමගම සුවඳැල්, බටපොල ඇල් හා බාස්මතී යන දේශීය සහල් වර්ගද රතු කැකුළු, සුදු කැකුළු, නාඩු, කීරි සම්බා සහ සම්බා සහල් වර්ග ද මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

කොළඹ දිස්ත‍්‍රික්කයේ ඕනෑම ප‍්‍රදේශයකට මෙම ජංගම රථ ගෙන්වා ගත හැකි අතර එහිදී එම ප‍්‍රදේශයේ අවම වශයෙන් පවුල් 50ක් පමණ සිටිය යුතුයි.

ජංගම රථ ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංක 0740165006 මගින් ලූතිනන් කර්නල් රත්නායක හෝ 0740165042 මගින් කැප්ටන් අබේසිංහ ඇමැතිය හැකියි.

Share This