එස්.එල්.සී. ආරාධිත විස්සයි – විස්ස ලීග් ක්‍රිකට් නායකයින් ප්‍රකාශයට පත් කෙරේ

එස්.එල්.සී. ආරාධිත විස්සයි – විස්ස ලීග් ක්‍රිකට් නායකයින් ප්‍රකාශයට පත් කෙරේ

එස්.එල්.සී. ආරාධිත විස්සයි – විස්ස ලීග් ක්‍රිකට් ශූරතාවයේ නායකයින් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා .

එහිදී ධනංජය ද සිල්වා (බ්ලූස්), දසුන් ශානක (ග්‍රේස්), දිනේෂ් චන්දිමාල් (රෙඩ්ස්) සහ අශාන් ප්‍රියන්ජන් (ග්‍රීන්ස්) නායකයින් ලෙස කටයුතු කරනු ඇති.

මෙම තරගාවලිය ලබන 12 වැනිදා සිට 24 වැනිදා දක්වා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

සෑම දිනකම තරග 2 ක් පැවැත්වෙනු ඇති.

දිවා/රාත්‍රී තරග සඳහා ද අවස්ථාව සකසා දෙමින් ප.ව. 2.30 ට ආරම්භ වන තරගයෙන් පසු ප.ව. 7.00 ට ද තරගයක් ආරම්භ වනවා.

ඒ අනුව කණ්ඩායමක් මූලික වටය යටතේ තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 2 ලබන 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනවා.

බ්ලූස් – ධනංජය ද සිල්වා (නායක), ඇන්ජලෝ පෙරේරා (උප නායක), සධීර සමරවික්‍රම, නිෂාන් මධුෂ්ක, හිෂාන් රන්දික, හිමාෂ ලියනගේ, පවන් රත්නායක, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, ළහිරු සමරකෝන්, ධනංජය ලක්ෂාන්, සුරංග ලක්මාල්, කලන පෙරේරා, ඩිල්ෂාන් මධුශංක, ශිරාන් ප්‍රනාන්දු.

ග්‍රේස් – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), මිනෝද් භානුක, ලසිත් කෲස්පුල්ලේ, සංගීත් කුරේ, භානුක රාජපක්ෂ, නුවනිඳු ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, ළහිරු මධුශංක, මිලින්ද සිරිවර්ධන, කොෂාන් ජයවික්‍රම, උදිත් මදුශාන්, නුවන් ප්‍රදීප්, චාමික ගුණසේකර, මතීෂ පතිරණ.

ග්‍රීන්ස් – අශාන් ප්‍රියන්ජන් (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), ළහිරු උදාර, මහේල උඩවත්ත, ක්‍රිෂාන් සංජුල, කමිල් මිශාර, පැතුම් නිස්සංක, සමින්ද ප්‍රනාන්දු, ශම්මු අශාන් රමේෂ් මෙන්ඩිස්, සුමින්ද ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, නුවන් තුෂාර, ළහිරු ගමගේ.

රෙඩ්ස් – දිනේෂ් චන්දිමාල් (නායක), අවිෂ්ක ප්‍රනාන්දු (උප නායක), නිපුන් ධනංජය, සඳුන් වීරක්කොඩි, ඕෂධ ප්‍රනාන්දු, මදිත ලක්ෂාන්, අසේල ගුණරත්න, ලසිත් අබේරත්න, සික්කුගේ ප්‍රසන්න, චාමික කරුණාරත්න, ජෙහාන් ඩැනියල්, සංතුෂ් ගුණතිලක, බිනුර ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, අසිත ප්‍රනාන්දු, හිමේෂ් රාමනායක

Share This