එල්.පී.එල් තරඟාවලිය ජූලි – අගෝස්තු මාසවල

එල්.පී.එල් තරඟාවලිය ජූලි – අගෝස්තු මාසවල

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. තරඟාවලියේ දෙවන අදියර පෙර නිවේදනය කළ පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිවේදනය කළා.

ඒ අනුව තරඟාවලිය ජූලි 30 වනදා සිට අගෝස්තු 22 වනදා දක්වා පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, පසුගිය දිනක මාධ්‍ය වාර්තා පල වුණේ එල්.පී.එල් තරගාවලියේ දෙවැනි අදියර තාවකාලිකව කල් දැමීමට තීරණය කර ඇති බවටයි.

තරඟාවලියට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත සකස් කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

පසුගිය වසරේ පැවැති එල්.පී.එල් තරඟාවලියේ පළමු අදියරට ලොව පුරා දැඩි ප්‍රේක්ෂක අවධානයක් යොමු වූ බවත්, අවසන් මහා තරගය මිලියන 135ක ප්‍රේක්ෂක පිරිසක් නරඹා තිබූ බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්.

කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් පැවැති පළමු අදියරේ ශූරතාවය දිනා ගත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.

Share This