එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඇතිවූ සිද්ධියට කාන්තාවක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට (VIDEO)

එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඇතිවූ සිද්ධියට කාන්තාවක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට (VIDEO)

රටේ නිදහසක් නොමැතිබව පවසමින් සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් කොළඹ එල්ෆින්ස්ටන් රංග ශාලාව ඉදිරිපිට ඊයේ (03) පස්වරුවේ සත්‍යග්‍රහයක නිරත වුණා.

ඒ 75 වන නිදහස් උත්සවය පැවැත්වෙන ගාලුමුවදොර පිටිය හා ඒ ආශ්‍රිත මාර්ගවලට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබූ පසුබිමකයි.

කෙසේ වෙතත් මෙම විරෝධතාව රාත්‍රී වනතුරුම අඛණ්ඩව පැවති අතර, එහිදී පොලිසිය අධිකරණය ලබාදුන් නියෝගය විරෝධතාකරුවන්ට දැනුම්දීමට පියවර ගත්තා.

අනතුරුව විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

පසුව ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් අධිකරණ නියෝගය සම්බන්ධයෙන් විරෝධතාකරුවන් වෙත දැනුම්දීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.

කෙසේ වෙතත් අදාළ දැනුම් දීම නොතකමින් සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කළ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට අධිපීඩන ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

එහිදී අධිකරණ නියෝගය කඩ කිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාවයට සහභාගි වූ කාන්තාවක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

Share This