එන්නත නොගත් සහ පළමු මාත්‍රාව පමණක් ලබාගත් අයට අනතුරු ඇඟවේ

එන්නත නොගත් සහ පළමු මාත්‍රාව පමණක් ලබාගත් අයට අනතුරු ඇඟවේ

මෙතෙක් කොවිඩ් එන්නත ලබා නොගත් සහ එක් කොවිඩ් එන්නත් මාත‍්‍රාවක් ලබාගත් පුද්ගලයන්ට ශීඝ‍්‍ර ව්‍යාප්තියක් ඇති ‘‘ඩෙල්ටා’ කොවිඞ් ප‍්‍රභේදයෙන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි නිසා වහාම කොවිඩ් එන්නත් මාත‍්‍රාව ලබාගන්නා ලෙස ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින බව අද (05) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදී සඳහන් කෙරුණා.

වැඩි පිරිසකට එන්නත් ලබාදෙන තෙක් වෛරස ව්‍යාප්තිය අවම කිරීමට පියවර ගත යුතු බවද හෙතෙම සඳහන් කරන බවයි ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී ප්‍රකාශ කෙරුණේ.

පුවත්පතකට අදහස් දැක්වූ ආචාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මෙසේද සඳහන් කර තිබෙනවා.

“ශීඝ‍්‍ර ව්‍යාප්තියක් ඇති ඩෙල්ටා කොවිඩ් ප‍්‍රභේදය නිසා හැමදෙනාටම කියන්නේ කොවිඩ් එන්නත අනිවාර්යයෙන්ම ලබාගන්න කියලයි. එන්නත් දෙකම මේ වෙනකම් ලබාගෙන නැත්නම් හැකි ඉක්මණින්ම කොවිඩ් එන්නත ලබාදෙන තැනකට ගිහින් එන්නත් ලබාගන්න. එක එන්නතක් ලබාගෙන තියෙන අයටත් ඩෙල්ටා ප‍්‍රභේදයේ බලපෑම ඇතිවෙන්න පුළුවන් නිසා දෙවැනි එන්නත් මාත‍්‍රාවත් ලබාගත යුතු කාලය හරිනම් ගිහින් ලබාගන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Share This