එන්නත් කාඩ්පත ළඟ නැති නම් ඉදිරියේදී සිදුවන දේ

එන්නත් කාඩ්පත ළඟ නැති නම් ඉදිරියේදී සිදුවන දේ

පෞද්ගලික හැඳුනුම්පතට අමතරව ‘කොරෝනා’ එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම ඉදිරියේදී ඉතා වැදගත් වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

කොරෝනා එන්නත ප‍්‍රතික්‍ෂේප කරන පුද්ගලයන්ට ඉදිරියේදී ප‍්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

විවිධ උත්සවවලට සහභාගිවීමට යද්දී කොරෝනා එන්නත් සහතිකය අනිවාර්යයෙන් අවශ්‍ය බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ

කොරෝනා එන්නත ප‍්‍රතික්‍ෂේප කරන පුද්ගලයන් පිළිබඳව අදාළ සෞඛ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට දැනුම් දෙන ලෙසද එහි වැදගත්කම පහදාදී එන්නත ලබාදීම සිදුකළ හැකි බවද වැඩිදුරටත් සඳහන් කරනවා

Share This