එන්නත් කමිටුවෙන් නීලිකා ඉවත්වුනේ ඇයි ?

එන්නත් කමිටුවෙන් නීලිකා ඉවත්වුනේ ඇයි ?

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

චිනයේ නිෂ්පාදනය කෙරෙන “සිනොවැක්ස්” කොවිඩ් එන්නත සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවට පැවැරී ඇති කාර්යයක් වන අතර එම නිර්දේශ ලබාදීමේදී ඇති වූ මත ගැටුමක් ඇගේ ඉල්ලා අස්වීමට පාදක වී ඇති බව සඳහන්

ජාතික නියාමන අධිකාරියේ විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මේ සම්බන්ධව කියා සිටියේ මහාචාර්ය නීලිකා මලවිගේ උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වන බව අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළ නමුත් ඇය ඉල්ලා අස්වූවාදැයි තමා හරි හැටි නොදන්නා බවයි.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඉල්ලා අස්වූ බවට ලැබුණු තොරතුරු සනාථ කර ගැනීම සඳහා දුරකථන මඟින් ඇය සම්බන්ධ කර ගැනීමට පෙරේදා සිටම උත්සහ කළද ඇය ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා තොරතුරු ලබා ගැනීමට අපහසු වූ බවද පුවත්පතේ සඳහන් කර තිබෙනවා

එම කමිටුවේ සාමාජිකයකු වූ මහාචාර්ය ඒ.පත්මේෂ්වරන්ද මීට දෙසතියකට පෙර ඉල්ලා අස්වී ඇති බවද වාර්තා වනාව

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This