එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වාරණ නියෝගයක්

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වාරණ නියෝගයක්

පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහය දැක්වීමේ චෝදනා මත පක්ෂයෙන් ඉවත් කළ පළාත් පාලන ආයතන සභිකයන් 21 ක් වෙනුවට වෙනත් පුද්ගලයන් එම තනතුරු සඳහා පත් කිරීම වළක්වමින් අධිකරණය විසින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරු පිරිස විසින් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසුව ලබන 29 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ විසින් අදාළ වාරණ නියෝගය නිකුත් කෙරුණා.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ විනය කමිටුවට අදාළ වන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

Share This