උඩු මහලකින් වැටී පුද්ගලයෙක් මරුට

උඩු මහලකින් වැටී පුද්ගලයෙක් මරුට

හිදෝගම ප්‍රදේශයේ වෙළෙඳසැලක උඩු මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම පුදගලයා තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සමග අදාළ වෙළෙඳසැලේ ඉහළ මාලයේ මත්පැන් පානය කරමින් සිටින අතරතුර ඔහු එහි අඳුරු ස්ථානයක් වෙත ගමන් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ දී එම පුද්ගලයා ඇද වැටී තිබෙනවා.

මියගොස් ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවන නාච්චදුව කුසව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Share This