ඉරානයේ විරෝධතා තවත් නගර 80කට පැතිරෙයි -විරෝධතාවලින් 17ක් ජීවිතක්ෂයට

ඉරානයේ විරෝධතා තවත් නගර 80කට පැතිරෙයි -විරෝධතාවලින් 17ක් ජීවිතක්ෂයට

හිජාබ් නීති කඩ කළ බවට චෝදනා කරමින් ඉරානයේ රඳවා සිටි 22 හැවිරිදි මහ්සා අමිනී නැමති කාන්තාවක් මිය යාමත් සමග එරට ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා

මෙම විරෝධතා ඉස්ලාමීය ජනරජයේ තවත් නගර 80කට ළඟා වී තිබෙන අතර අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කරන්නේ

CNN ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදියෙකු වන ක්‍රිස්ටියන් අමන්පූර් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සමග පැවැත්වීමට නියමිතව තිබු සම්මුඛ සාකච්ඡාව අවලංගු කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

නිව්යෝර්ක්හි පැවැත්වීමට නියමිතව තිබු සම්මුඛ සාකච්ඡාව සඳහා හිස් ආවරණයක් පැළඳිය යුතු යැයි ඉල්ලා සිටීම හේතුවෙන් එය අවලංගු කළ බවත් ඉරානයෙන් පිටතදී සම්මුඛ සාකච්ඡා සිදු කිරීමේදී මීට පෙර කිසිදු ජනාධිපතිවරයකු මෙය ඉල්ලා නොසිටි බවත් අමන්පූර් පෙන්වා දී තිබෙනවා

ඉරාන ජනාධිපති Ebrahim Raisi ප්‍රකාශ කර තිබෙන්නේ පොලිස් අත්අඩංගුවේ පසුවන කාන්තාවක් මියයාම හේතුවෙන් පැතිරී ගිය විරෝධතාවයන් නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

 

Share This