ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ- ෆ්ලොරිඩාව ඉයන්ට මුහුණ දීමේ සූදානමින්

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ- ෆ්ලොරිඩාව ඉයන්ට මුහුණ දීමේ සූදානමින්

ඉයන් සුළි කුණාටුව දිවයිනේ බටහිර ප්‍රදේශයට ළඟා වීමත් සමග කියුබාවේ සම්පූර්ණයෙන්ම විදුලිය විසන්ධි වී ඇති බව එරට රජය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර රට පුරා ගොඩනැගිලිවලට හානි සිදුවී තිබෙනවා

පැයට සැතපුම් 120 දක්වා වේගයෙන් ගමන් කරන සුළි කුණාටුව දැන් ෆ්ලොරිඩාවට ළගා වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කියුබාවේ මිලියන 11ක ජනතාවක් අඳුරේ සිටින බවත් කියුබාවේ බලශක්ති බලාගාරය වසා දමා ඇති බැවින් දැනට දිවයිනේ කොතැනකවත් විදුලිය නිෂ්පාදනයක් සිදු නොවන බවත් පවසනවා

ඉයන් සුළි කුණාටුව දැනටමත් බටහිර කියුබාවට පැමිණ ඇති අතර එය ෆ්ලොරිඩාවේ ගොඩබිමට පැමිණීමට පෙර තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ෆ්ලොරිඩාවේ මිලියන 2.5 කට වැඩි වැසියන් ඉවත් කිරීමට පටන් ගෙන ඇති අතර, එරට පොලිසිය වෙරළබඩ නගර සහ නගර ගණනාවක සමහර ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් මිනිසුන්ගෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පාසල් සහ විශ්ව විද්‍යාලවල පන්ති අවලංගු කර ඇති බවද සඳහන් වනවා

Share This