ඉන්ධන කෝටාව යළිත් ඉහළට

ඉන්ධන කෝටාව යළිත් ඉහළට

ජාතික ඉන්ධන අවසර පත්‍රයේ (QR) දැනට පවතින ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනය සිදු කිරීමේ දී අදාළ කෝටාවද ඉහළ දැමීමට කටයුතු කරන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ (25) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Share This