ඉන්දියාවේ දිල්ලි අගනුවර ගින්නක් -27ක් මරුට

ඉන්දියාවේ දිල්ලි අගනුවර ගින්නක් -27ක් මරුට

ඉන්දියාවේ දිල්ලි අගනුවර මහල් හතරකින් යුත් කාර්යාල ගොඩනැගිල්ලක් තුළ ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 27දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගින්න හටගන්නා විට 70කට අධික පිරිසක් ගොඩනැගිල්ලේ සිට ඇති අතර පොලිසිය ජනෙල් කඩා කඹ යොදා මිනිසුන් බේරාගෙන ඇති බවයි පැවසෙන්නේ

ඉන්දියාවේ අගනුවරට බටහිරින් පිහිටි මුන්ඩ්කා මෙට්‍රෝ ස්ටේෂන් අසල ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 20ක් පමණ යොදාගෙන තිබෙන බව සඳහන්

පරිපථයක දෝෂයක් ගින්න ඇතිවීමට හේතුව ලෙසත් ගොඩනැගිල්ලට නිසි ගිනි ආරක්ෂණ සහතිකයක් නොමැති බවත් වාර්තා වනවා

Share This