ඉන්දියාවේ ඉපිද ඉන්දියාව ම දණ ගැස්සූ ඉන්දියානුවා

ඉන්දියාවේ ඉපිද ඉන්දියාව ම දණ ගැස්සූ ඉන්දියානුවා

ඉන්දියාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.

මෙම තරගයේ දී නවසීලන්ත කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් සුපිරි වාර්තාවක් පිහිටු වීමට සමත් වීම ගැන මේ වන විට ක්‍රිකට් පිටියේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඒ ඉන්දීය පළමු ඉනිමේ කඩුලු දහයම අජාස් පටෙල් දවාගැනීමත් සමඟයි.

ඒ අනුව ටෙස්ට් තරගයක දී එවැනි දස්කමක් දැක්වූ  ලොව තුන්වැනි ක්‍රීඩකයා බවට ඉන්දියානු සම්භවයක් ඇති අජාස් පටෙල් වාර්තා අතරට එක්වනවා.

එංගලන්ත ක්‍රීඩක ජිම් ලේකර් සහ ඉන්දියානු ක්‍රීඩක අනිල් කුම්බ්ලේ මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණා.

අජාස් පටෙල් පන්දුවාර 52ක් යවමින් ලකුණු 119ක් ලබාදෙමින් ඉන්දීය පළමු ඉනිමේ කඩුලු 10ම බිඳ හෙලුවා.

1988 වසරේ දී ඉන්දියාවේ මුම්බායි නුවර ඉපදුණු, ඉන්දීය සම්භවයක් ඇති අජාස් පටෙල් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යනතර ටෙස්ට් තරග 10කට එක්ව තිබෙනවා.

 

 

Share This