ඉන්දියාවේ ඇතිවූ තත්ත්වයට ‘ලංකාවත් ඇද දැමිය හැකි’ ප්‍රභේදය

ඉන්දියාවේ ඇතිවූ තත්ත්වයට ‘ලංකාවත් ඇද දැමිය හැකි’ ප්‍රභේදය

ඉන්දියාවේ ඇතිවූ අවාසනාවන්ත තත්ත්වය ලංකාවේද ඇති කිරීමේ හැකියාව ඩෙල්ටා ප්‍රභේදයට ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ අවබෝධයක් නොමැතිව කොවිඩ් මර්දන කටයුතු සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට දෛනික ආසාදිතයින් 2,000 ඉක්මවා වාර්තා වන අතර ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් ම ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී ඇතැයි ද ඔහු සඳහන් කළා.

ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සියලුම ප්‍රදේශවල නිසි පර්යේෂණ සිදුකර නිවැරදි ප්‍රතිඵල මහජන පරීක්ෂකවරුන්ට ලබා දිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.

Share This