ඉන්දියාවට ලකුණු 67ක ජයක්

ඉන්දියාවට ලකුණු 67ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු 67ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනු නායක දසුන් ශානක පළමුවෙන් ඉන්දීය කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 373ක් ලබා ගත්තා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 373ක් රැස් කළේ Virat Kohli වාර්තා කළ ශතයකත් සමගින්.

ජයග්‍රාහී ලකුණු 374ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර නියමිත පන්දුවාර 50 අවසානයේ අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 306ක් පමණයි

එහිදී නායක දසුන් ශානක පන්දු 88කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 108ක් රැස් කිරීමට සමත් වුණා.

තරගයේ සමස්ත ලකුණු සටහන පහතින්

Share This