ඉන්දියාවට එරෙහි නවසීලන්ත සංචිතය නම් කරේ

ඉන්දියාවට එරෙහි නවසීලන්ත සංචිතය නම් කරේ

ටෙස්ට් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව 15 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතය සඳහා කණ්ඩායමේ නායකත්වය දරන්නේ කෙන් විලියම්සන්.

එමෙන්ම දඟපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටැනර් වෙනුවට මෙවර අජාස් පටෙල් කැඳවා තිබීම විශේෂත්වයක්.

එංගලන්තයේ සවුත්ඇම්ටන් හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි.

එය ලබන 18 වන දින සිට 22වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Share This