ඉන්දියානු රුපියල මෙරට ආර්ථිකයට ශක්තියක් වෙයි

ඉන්දියානු රුපියල මෙරට ආර්ථිකයට ශක්තියක් වෙයි

සංචාරක කර්මාන්තය සහ වෙළඳාම තුළ ඉන්දියානු රුපියල් භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ වර්ධනයට උපකාරී වන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික ගණුදෙනු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීයි මේ පිළිබඳ අනාවරණය වී ඇත්තේ.

මේ අනුව 2022 වසරේදී ඉන්දියානු සංචිත බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කිරීමේ රාමුව නිර්මාණය කිරීමෙන් අනතුරුව අදාළ වොස්ට්‍රො සහ නෙස්ට්‍රො ගිණුම් හරහා ඉන්දියානු රුපියල් වලින් නම් කරන ලද වෙළඳ ගණුදෙනු සිදු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්

මෙම සාකච්ඡාව සඳහා සභභාගී වූ බැංකු විසින් ද ඉන්දියානු රුපියල්වලින් නම් කරන ලද ගෙවීම් සිදු කිරිමේ ප්‍රතිලාභ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ කටයුතු සඳහා කෙටි කාලයක් ගත වීම, අඩු විනිමය පිරිවැය සහ වෙළඳ ණය සඳහා වඩා පහසු අවස්ථාවන් පැවතීම ඉන්දියානු රුපියල භාවිතයේ ප්‍රතිලාභ ලෙස ඔවුන් මෙහිදී පෙන්වා දුන්නා.

Share This