ඉදිරි මාස දෙකේදී ශ්‍රී ලංකාව කොවිඩ් නිසා දැඩි අවදානමක -මහාචාර්ය මලික් පීරිස්ගේ අනාවරණයක්

ඉදිරි මාස දෙකේදී ශ්‍රී ලංකාව කොවිඩ් නිසා දැඩි අවදානමක -මහාචාර්ය මලික් පීරිස්ගේ අනාවරණයක්

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙකේදී අත්විඳීමට සිදුවනු ඇතැයි වෛරසවේදය පිළිබඳ ලෝ ප්‍රකට මහාචාර්යවරයකු වන මලික් පීරිස් මහතා අනතුරු ඇඟවීමක් කරනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

නව ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවේ විශාල විනාශයක් සිදු කළ බවත් එළඹෙන සති කීපයේදී එය ශ්‍රී ලංකාවේත් විශාල බලපෑමක් ඇති කරනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා

මහජන සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස මෙම අනතුරු ඇඟවීම නොකළහොත් තමාගේ වගකීම පැහැර හැරියා වන බවයි ඔහු පවසා තිබෙන්නේ

එමෙන්ම මෙම නව ප්‍රභේදයට එරෙහිව සැලකිය යුතු බලපෑමක් කිරීමට එන්නත් මාත්‍රා දෙකම අවශ්‍ය වන බවද මලික් පීරිස් මහතා සඳහන් කරනවා

Share This