ඉතාලියේ ඇතිවූ නායයාම් ප්‍රදේශවල මෙහෙයුම් කටයුතු තවදුරටත් (VIDEO & PHOTOS)

ඉතාලියේ ඇතිවූ නායයාම් ප්‍රදේශවල මෙහෙයුම් කටයුතු තවදුරටත් (VIDEO & PHOTOS)

සෙනසුරාදා (26) දිනයේ ඉතාලියේ Ischia දූපත ආසන්නයේ ඇතිවූ නායයෑමෙන් පසු සුන්බුන්වලින් වැසී ඇති ප්‍රදේශවල තවමත් සහනකරුවන් විසින් මෙහෙයුම් කටයුතු සිදු කරන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙහෙයුම් කටයුතු කිරීමට දකුණු ඉතාලියේ දින ගණනක් පුරා පැවති වර්ෂාව බලපා ඇති බවත් නේපල්ස් ප්‍රාන්තය විසින් ගිනි නිවන භටයින් 100කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවත් වාර්තා වනවා

ඊයේ (27) උදෑසන වන විට පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් , පුද්ගලයින් 8 දෙනෙකු බේරාගෙන ඇති බවත් , නායයාම සිදු වූ ප්‍රදේශයෙන් තවත් 209 දෙනෙකු ඉවත් කර ඇති බවත් කැම්පානියා ප්‍රාන්ත කාර්යාලයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කර තිබෙනවා

ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි ප්‍රකාශයක් නිකුත් කරමින් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම නාය යෑමෙන් විපතට පත් ප්‍රදේශයේ ජනතාවට යුරෝ මිලියන 2ක ආධාර ලබා දෙන බවද ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ

මේ වන විට පුද්ගලයින් පස් දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බවද එරට බලධාරීහු සඳහන් කර ඇති බවද බිබිසී පුවත් සේවය සඳහන් කරනවා

Share This