ඉක්වදෝරයේ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළට

ඉක්වදෝරයේ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළට

ඉක්වදෝරයේ උතුරු පේරු හි වෙරළ කළාපයේ හට ගත් භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම 380කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

රික්ටර් පරිමාණයේ මාපක 6.8ක ප්‍රබලත්වයකින් යුක්තවයි ඊයේ (18) රාත්‍රීයේ මෙම භූ කම්පනය හට ගෙන තිබුණේ

මේ හේතුවෙන් නගර රැසක නිවාස, පාසල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන රැසක් කඩා වැටී ඇති අතර විශාල පිරිසක් එම ගොඩනැගිලි අතර සිරවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

එමෙන්ම භූ කම්පනයෙන් එරට සැන්ටා රෝසා ගුවන් තොටුපළට (Santa Rosa airport) ද හානි සිදුව තිබෙනවා

Share This