ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 269ක ඉලක්කයක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 269ක ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 268ක් රැස් කර ගැනීමට සමත් වුණා.

තරගය මේ වන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරගය ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 269ක්.

ඒ අනුව පන්දුවට පහරදෙමින් සිටින ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර පන්දුවාර 12ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 84ක් ලබා සිටියා

 

 

 

 

Share This