ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවට පරාජයක්

ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවට පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 294ක් ලබා ගත්තේ කඩුලු 08 දැවී සිටියදීයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 38කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 234ක් පමණයි.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 60කින් ජය ගත්තා.

තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

දෙරට අතර දෙවන තරගය අනිද්දා(27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This