ඇෆ්ගනිස්ථානයට ලකුණු 324ක ඉලක්කයක්

ඇෆ්ගනිස්ථානයට ලකුණු 324ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අද (04) පැවැත්වෙන දෙවන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 323ක් රැස් කළා.

නියමිත පන්දු වාර 50 අවසානයේ ඔවුන් එම ලකුණු ප්‍රමාණය රැස් කළේ කඩුලු 06ක් දැවී සිටියදියි.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර, ඒ අනුවයි ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරගයකදී පළමුව පන්දුවට පහර දී ලකුණු 320 සිමාව පසුකළ කිසිඳු තරගයක් මෙතෙක් පරාජයට පත්ව නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වෙනස්කම් හතරක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සධීර සමරවික්‍රම, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්, දුෂාන් හේමන්ත, ලහිරු කුමාර හා මතීෂ පතිරණ වෙනුවෙන්.

Share This