ඇෆ්ගන් රජයේ සේවිකාවෝ වැඩ කිරීමට නිදහස ඉල්ලති

ඇෆ්ගන් රජයේ සේවිකාවෝ වැඩ කිරීමට නිදහස ඉල්ලති

ඇෆ්ගනිස්ථානයේ රජයේ දෙපාර්තමේන්තුවල රැකියා කරන සේවිකාවන් තමන්ගේ රැකියාවල දිගටම නිරතවීමට ඉඩ දෙන ලෙස ඉස්ලාමීය එමීර් රාජ්‍යය පාලකයන් හෙවත් තලේබාන්වරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

එම සේවිකාවන් පවසන්නේ තමන් මේ වන විට රැකියා මෙන්ම ජීවිත සම්බන්ධයෙන් ද අවදානමකට මුහුණ දී ඇති බවයි.

නීති සහ දේශපාලන විද්‍යා පීඨයෙන් උපාධියක් හිමිකර ගත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල වසර 10කට වැඩි කාලයක් සේවය කර ඇති රුක්සාර් නසාරි , තලේබාන් පාලනය හේතුවෙන් බොහෝ රාජ්‍ය සේවක සේවිකාවක් වන තමාද රැකියා විරහිත වී ඇති බව සදහන් කළා.

ඇය පැවැසුයේ තමන් වැනි උගත් කාන්තාවන් රැසක් ද රැකියා නොමැතිව අවිනිශ්චිත අනාගතයකට මුහුණ දී සිටින බවයි.

කාන්තා සේවිකාවන් සේවයෙන් පහ කර නොමැති බවත් ඒ වෙනුවට නිවසේ රැඳී සිටින ලෙසට ඔවුන්ට දන්වා වැටුප් ගෙවන බවත් තලේබාන් පාලකයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

කාන්තාවන් විශාල පිරිසක්, සෞඛ්‍ය අමාත්‍යාංශය , කාබුල් ගුවන් තොටුපල සහ වෙනත් දෙපාර්තමේන්තු රැසක සේවය කරන බව ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය ප්‍රකාශක බිලාල් කරිම් සදහන් කළා.

Share This