LTTE රත්තරන් ‘රහසේම ගොඩ ගන්න ගිය බව කියන’ ඇමති ලේකම්වරු දෙදෙනා

LTTE රත්තරන් ‘රහසේම ගොඩ ගන්න ගිය බව කියන’ ඇමති ලේකම්වරු දෙදෙනා

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සහ කළ අමාත්‍යවරුන් දෙදෙනෙක්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරන ලේකම්වරුන් දෙදෙනක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය වළදමා ඇතැයි කියන මෙම රත්තරන් තොගය අධිකරණ නියෝගයකට අනුව  ගොඩගැනීමට සැළසුම් කර තිබූ බව වාර්තා වනවා.

පසුව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරුන් දෙදෙනෙක් කැණීම් සඳහා පැමිණ ඇති බවට මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට තොරතුරු ලැබී ඇති අතර පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ ඉන් අනතුරුවයි.

උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා.

Share This