ඇමති බන්දුලගෙන් අලුත් සහන මල්ලක් (වීඩියෝ)

ඇමති බන්දුලගෙන් අලුත් සහන මල්ලක් (වීඩියෝ)

ජීවන වියදම අඩු කිරීමේ අරමුණින් ජනතාවට සහන මිලට භාණ්ඩ 20ක මල්ලක් ලබාදීමට සතොස ආයතනය කටයුතු කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සුපිරි කීරි සම්බා කිලෝග්‍රෑම් 10ක්, සුදුසීනි කිලෝ එකක්, රතු පරිප්පු කිලෝ එකක් ඇතුළු භාණ්ඩ 20ක් මෙම සහන මල්ලට ඇතුළත් වනවා.

එය දිවයින පුරා පිහිටි සතොස ශාඛා ජාලයෙන් රුපියල් 3998ක මිලකට ලබා ගැනීමට හැකි බවයි වෙළෙඳ අමාත්‍යවරයා පවසන්නේ.

මෙවැනි භාණ්ඩ මලු ලක‍ෂයක් මේ මාසය තුළ මිලට ගැනීමට සතොස පාරිභෝගිකයන්ට අවස්ථාව උදාකර දී තිබෙනවා.

Share This