ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු ,රෝහලට නුදුරින් වැටී මිය ගිය පුද්ගලයාට කොවිඩ්

ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු ,රෝහලට නුදුරින් වැටී මිය ගිය පුද්ගලයාට කොවිඩ්

රාගම ප‍්‍රදේශයේ නගර මධ්‍යයේ මහ මග මැරී වැටි සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉකුත් 31 දින සොයා ගැනීමට හැකිවූ බව රාගම පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙක් බවයි දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙන්නේ

කැස්ස සහ සුළු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට මුහුණදී ඇති මියගිය අය එම පරීක්ෂණයේදී කොවිඩ් පොසිටිව් පුද්ගලයෙකු බව තහවුරු වී තිබෙනවා

මියගොස් ඇති අය කොරෝනා මර්දන පළමු එන්නත ලබා ගෙන දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීමට බලාපොරොත්තු වෙන් සිටි අයෙකු බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා

අදාළ මෘත ශරීරය රාගම ශික්ෂණ මහ රෝහලට ගෙන ගොස් එහිදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී මියගොස් සිටි පුද්ගලයා කොරෝනා වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වූ බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කළ රාගම පොලිසිය සඳහන් කරනවා

මියගොස් ඇති පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතයි

Share This