ඇතුගල්පුර පිවිසුම අද ජනතා අයිතියට (වීඩියෝ)

ඇතුගල්පුර පිවිසුම අද ජනතා අයිතියට (වීඩියෝ)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) පස්වරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ මිරිගම – කුරුණැගල දක්වා කොටසේ දුර කිලෝමීටර් 40.91ක්.

මංතීරු 04ක් යටතේ ඉදිකර ඇති මෙම මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන ඇත්තේ.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ගය ඉදිකර ඇති අතර මෙම කොටස ඉදිකිරිම සඳහා වය වී ඇති මුදල රුපියල් බිලියන 137ක්.

Share This