ඇතැම් ප්‍රදේශවලට තවමත් පොහොර ලැබී නැහැ – ගොවීන්ගෙන් චෝදනා (VIDEO)

ඇතැම් ප්‍රදේශවලට තවමත් පොහොර ලැබී නැහැ – ගොවීන්ගෙන් චෝදනා (VIDEO)

පසුගිය අවස්ථාවලදී වී මිලදී ගැනීම සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවුවද මෙවර සාධාරණ මිලකට ගොවීන්ගෙන් වී ලබා ගැනීම සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

එමෙන්ම මෙම සතිය තුළ අල සහ එළවළු පොහොර ද නිෂ්පාදනය කර සාධාරණ මිලකට එම ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ගොවීන් තවමත් චෝදනා නගන්නේ රජය නොමිලයේ ලබාදෙන පොහොර පවා තමන්ට නොලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජරට ගොවි සංවිධානයේ ගොවීන් සඳහන් කරන්නේ නොච්චියාගම ප්‍රදේශයට පොහොර මිට 4,000 ක් පමණ අවශ්‍ය වී ඇතත් මෙතෙක් ලැබී ඇත්තේ පොහොර මිටි 300 ක් පමණක් බවයි.

Share This