ආසාදිතයන් වැඩි වීමේ ශීඝ්‍රතාව ‘ඉහළ යාමක් සිදු වුවහොත්’ බලා සිටීම හැර කළ හැකි යමක් නෑ

ආසාදිතයන් වැඩි වීමේ ශීඝ්‍රතාව ‘ඉහළ යාමක් සිදු වුවහොත්’ බලා සිටීම හැර කළ හැකි යමක් නෑ

කොරෝනා ආසාදිතයන් වැඩි වීමේ ශීඝ්‍රතාව ඉහළ යාමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවලට ඒ දෙස බලා සිටීම හැර කළ හැකි අන් යමක් නොමැති බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා අනතුරු අඟවනවා.

පුවත්පත් වාර්තා උපුටා දක්වමින් අද (05)ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී ද මේ පිළිබඳව අවදානය යොමු කළා.

ඉකුත් කාලයේ ඉන්දීය ජනතාව මුහුණ දෙනු ලැබුවේ මෙම ඛේදනීය තත්ත්වයට බවත් මෙනිසා ඉන්දියාවේ සිදු වූ ආකාරයේ තත්ත්වයක් ඇති නොවන අයුරිනුත් සෞඛ්‍ය උපදෙස් පිළිපැද රෝගය පැතිර යාමට ඇති ඉඩ අවම කිරීම රටේ ජනතාවගේ වගකීම බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පෙන්වා දෙනවා.

Share This