ආර්ථික අර්බුදය නිසා කංසා වගාව නීතිගත කළ රටක්

ආර්ථික අර්බුදය නිසා කංසා වගාව නීතිගත කළ රටක්

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ තායිලන්තයේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා සංචාරකයන් වැඩි වැඩියෙන් රටට ගෙන්වා විදේශ විනිමය ඉපැයීමේ අරමුණින් කංසා වගාව නීතිගත කිරීමට තායිලන්ත රජය පියවර ගෙන ඇති බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කරනවා .

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය කෙරුණා

එරට සංචාරක ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් යුතුව ගෙන ඇති මේ පියවර තුළින් විදේශ විනිමය විශාල වශයෙන් උපයා ගැනීමට තායිලන්ත රජය අපේක්ෂා කරනව බවද සඳහන්

මේ නීති සංශෝධනයත් සමග ගංජා වගාව නීතිගත කළ පළමු ආසියාතික රට බවට ද තායිලන්තය පත් වනවා

ලෝක සංචාරක කර්මාන්තයට පමණක් නොව තායිලන්තයේ කෘෂි කර්මාන්තයට ද ගංජා නීති සංශෝධනයෙන් වැඩි ප්‍රගතියක් අත්වනු ඇතැයි එරට රජයේ විශ්වාසය වී තිබෙනවා

ඒ අනුව එරට ගොවීන් දිරිමත් කිරීමට ගංජා පැළ මිලියනයක් බෙදා හැරීමට පසුගියදා තායිලන්ත රජය පියවර ගෙන ඇති අතර ගංජා වගා කිරීම, ළඟ තබා ගැනීම සහ ආහාරපාන සඳහා මිශ්‍ර කිරීම නීතිගත කළද, තායිලන්තයේ ගංජා පානය තවමත් නීතිවිරෝධි බව එරට මාධ්‍ය වාර්තා කරනවා

 

Share This