ආර්ථික අර්බුදයෙන් ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ පිරිස්වලට දැඩි බලපෑම් (VIDEO)

ආර්ථික අර්බුදයෙන් ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ පිරිස්වලට දැඩි බලපෑම් (VIDEO)

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය පත්ව ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ කර්මාන්තයේ අනාගතය අවිනිෂ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට කිසියම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.

ඩොලරයට සාපේක්‍ෂව රුපියල අවප්‍රමාණයවීමත් විදේශ සංචිත හිඟවීමත් ඇතුළු රටේ පැනනැඟුණු හා ආර්ථික ගැටලු හේතුවෙන් ආනයන සීමා කිරීමට රජය පියවර ගත්තා.

මෙම තත්ත්වය යටතේ බොහෝ ඉදිකිරීම් කටයුතු මේ වන විට අතරමඟ නතර වී ඇති අතර ඒ හේතුවෙන් බොහෝ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සේවකයින්ට සිය ජීවනෝපාය නිසි පරිදි කරගෙන යාමට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම ඉදිකිරීම් ක්‍ෂේත්‍රය අඩාලවීමත් සමඟ ඒ සඳහා විවිධ අතුරු නිෂ්පාදනය සැපයූ ව්‍යපාරිකයින්ද දැඩි අසීරුතාවකට පත්ව ඇති බව සඳහන්.

Share This