ආර්ථික අර්බුදයෙන් අත්මිදීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් ජාතික ප්‍රතිපත්තියක්(VIDEO)

ආර්ථික අර්බුදයෙන් අත්මිදීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් ජාතික ප්‍රතිපත්තියක්(VIDEO)

ශ්‍රී ලංකාව අද වන විට ආර්ථික වශයෙන් මුහුණ දී තිබෙන ආර්බුදකාරී තත්ත්වය හමු‌‌වේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කටයුතු කළ හැකි සීමාවන් තුල සිට එම තත්ත්යෙන් අත්මිදීම සදහා ඉතාම සක්‍රීයව සහ කැපවීමෙන් කටයුතු කරනු ලබන අතර, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන් සහ තරුණ පිරිස්වල දායකත්වයෙන් මේ මොහොතේ රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති රාමුවක් (National Policy framework) නිර්මාණය කිරිමට කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙරට ආර්ථික ගැටලුවට විසදුම් සොයමින් මෙරට ආර්ථීක තත්ත්වය ඉහළ නැංවීමට අදාල ජාතික ප්‍රතිපත්තිරාමුව සහ උපාය මාර්ගික මාර්ග සිතියම සංවර්ධනය කිරීමේ වැඩපිළි‌‌‌වෙල (SASA Workshop On Developing The National Policy Framework And Strategic Road Map For Elevating Sri Lanka) නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (28)දින කොළඹ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තු‌‌ ශ්‍රවනාගාරයේ දී සිදු කෙරුණා.

මෙමගින් ඉතා කෙටි කාලයක් තුල මෙරට ආර්ථිකය ශක්තිමත් කිරිම සදහා රජයට, විපක්ෂයට සහ මහජනතාවට කෙටි කාලීන කඩිනම් විසදුම් යෝජනාලියක් මෙන්ම ජාතික ප්‍රතිපත්තිමය රාමුවක්ද සකසා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අදහස් කරනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී මෙහි සම්පත්දායකයා ලෙස දේශීය හා විදේශීය අත්දැකීම් සමුදායකින් යුත් ආසියානු ඵලදායිතා සංවිධානයේ හිටපු කර්මාන්ත අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ඵලදායිතා ලේකම් කාර්යාලයේ හිටපු ප්‍රධානී හා වත්මන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) තිලකා ජයසුන්දර මහත්මිය කටයුතු කරනු ලබනවා.

අදින ආරම්භ කරන ලද මෙම වැඩපිළි‌‌‌වෙල අනුව ඔක්තෝබර් මස 31 වන විට මූලික සැකිල්ල සහ 2022 දෙසැම්බර් 30 මස වන විට මෙම වැඩපිළි‌‌වෙල සමාජගත කිරීමට හා රටට බාරදීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පෙන්වා දෙනවා.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාද එක්ව සිටියා.

Share This