ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ නිදහස් පක්ෂය අතේ -මෛත්‍රී

ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ නිදහස් පක්ෂය අතේ -මෛත්‍රී

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක් වෙමින්.

ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා සතුව බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

හිටපු ජනපතිවරයා කියා සිටියේ, තමන් ජනාධිපතිවරයා ලෙස රටට සැලකිය යුතු ආදර්ශයන් රැසක් ලබා දී ඇති බවයි.

එමෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ගැටුම් ඇති කරගත යුතු නැති බවයි.

Share This