ආණ්ඩුකාරවරියට කේන්ති යයි සභාවේ නොසිටි පිරිසට එරෙහිව ක්‍රියාමාර්ග

ආණ්ඩුකාරවරියට කේන්ති යයි සභාවේ නොසිටි පිරිසට එරෙහිව ක්‍රියාමාර්ග

කන්තලේ ප්‍රාදේශීය සභාවේ නිළධාරින්ට එරෙහිව වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද(22) පස්වරුවේ බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ඒ 47 වැනි නැගෙනහිර පළාත් ක්‍රිඩා උ‍ළෙල අද පෙරවරුවේ කන්තලේ ලීලාරත්න ක්‍රිඩාංගනයේදි ආරම්භ කළ අවස්ථාවේ ඊට අදාළ කටයුතු සිදු නොවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්.

ක්‍රිඩා උළෙල පැවැත්වෙන අතරවාරයේ ආණ්ඩුකාරවරිය කන්තලේ ප්‍රාදේශීය සභාවේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක්ව ඇති අතර එහිදී ප්‍රාදේශීය සභා සභාපතිවරයා, උප සභාපතිවරයා, සභා ලේකම්වරයා, පරිපාලන නිළධාරිවරයා, ප්‍රධාන කළමණාකරන සේවා නිළධාරි යන අය එහි නොසීටීම ගැන ආණ්ඩුකාරවරිය දෝශාරෝපනය කර තිබෙනවා.

පළාතේ ප්‍රධාන උත්සවයක් සිය බල ප්‍රදේශයේ පැවැත්වෙන අවස්ථාවේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන කිසිදු ප්‍රධානියෙකු ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම පිළිබදව දෝෂාරෝපණය කළ ආණ්ඩුකාරවරිය පළාත් පාලන කොමසාරිස්වරයාට ප්‍රකාශ කර ඇත්තේ එම පිරිසට එරෙහිව කටයුතු කරන ලෙසයි.

Share This