ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමුවරට රැස්වෙයි (VIDEO)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමුවරට රැස්වෙයි (VIDEO)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මගින් පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මංගල රැස්වීම අද (25) පැවැත්වුණා.

ඒ අද (25) පෙරවරු 09.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත වනවා.

කථානායක, අගමැති සහ විපක්ෂ නායක නිල බලයෙන් එහි සාමාජිකයන් ලෙස පත්වන අතර ජනාධිපතිවරයාට, ආණ්ඩු පක්ෂයට සහ ප්‍රධාන විපක්ෂයට ව්‍යවස්ථා සභාව සඳහා නියෝජිතයින් පත් කිරීමේ බලය හිමිවන බව සඳහන්.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතාත්, ආණ්ඩුවේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම් මහතාත්, ප්‍රධාන විපක්ෂ නියෝජිතයා ලෙස කබීර් හෂීම් මහතාත් නම් කර තිබෙනවා.

සුළු පක්ෂ වෙනුවෙන් ද නියෝජිතයෙක් නම් කළ යුතු වන අතර එම පක්ෂ අතර පවතින මතභේද හේතුවෙන් මෙතෙක් ඒ සඳහා කෙනෙකු නම් කර නැහැ.
ඊට අමතරව ආණ්ඩුවේ සහ විපක්ෂයේ එකඟතාවයෙන් සිවිල් සාමාජ නියෝජිතයන් තිදෙනෙකු ද නම් කෙරෙනවා.

ඒ අනුව ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි, අනුලා විජේසුන්දර හා ආචාර්ය දිනේෂා සමරරත්න යන අයයි ඒ සඳහා නම් කර ඇත්තේ.

මෙම සභාව තුළින් ප්‍රධාන වශයෙන් මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා හා අල්ලස් ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට නියෝජතයින් පත් කෙරෙනවා.

කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම පැයක පමණ කාලයකට සීමා වූ බවයි වාර්තා වුණේ.

Share This