අසරණ වූ ණයකරුවන් කෙරෙහි අගමැතිගේ අවදානය – මහබැංකු නිලධාරීන්ට දුන් උපදෙස් මෙන්න

අසරණ වූ ණයකරුවන් කෙරෙහි අගමැතිගේ අවදානය – මහබැංකු නිලධාරීන්ට දුන් උපදෙස් මෙන්න

ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.

වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරින් සමග අද (16) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා ඒ බව සඳහන් කර තිබෙනවා.

මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ මූල්‍ය ණය පහසුකම් ලබාගත් ජනතාව මුහුණදෙන ගැටලු කෙරෙහි මෙහිදී අගමැතිවරයාගේ අවදානය යොමුව තිබුණා.

වාරික ගෙවීමේදී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල ගෙවීමට නොහැකි වන තත්ත්වයට ණයකරුවන් පත්ව ඇති බවත් ණය ලබාදීමේ දී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමි වන අවස්ථා කොතෙකුත් ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබුණා.

එම ක්‍රමවේදයන් වෙනස් කිරීම කෙරෙහි ද මෙහි දී අගමැතිවරයාගේ අවධානය යොමුවී තිබෙනවා.

Share This