අවි පෙන්නා දැරියක් පැහැර ගනී

අවි පෙන්නා දැරියක් පැහැර ගනී

සූරියවැව පදිංචිව සිටි වයස අවුරුදු 06ක දැරියක් යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් සිව්දෙනකු විසින් ගිනිඅවියක් පෙන්වා පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ සමරසිංහගේ සදිසි සෙනායා නමැති දැරියකි.

දැරියගේ මව මීට මාස එක හමාරකට පමණ පෙර වෙනත් පුරුෂයකු සමග විවාහ වී වෙනම ජිවත් වෙන අතර දැරිය සූරියවැව බැද්දෙවැව පිහිටි නිවසේ සිය පියා හා පියාගේ දෙමාපියන් සමග ජීවත්ව තිබෙනවා.

දැරිය පියා සමග නිවසේ නිදා සිටින අවස්ථාවේ යතුරුපැදි දෙකකින් පැමිණ ඇති මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් නිවසට ඇතුළු වී ගිනිඅවියක් පෙන්වා දැරිය පැහැරගෙන ගොස් තිබුණා.

Share This