අවසන් පූර්ව තරගයේ ජය හිමිකර ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්

අවසන් පූර්ව තරගයේ ජය හිමිකර ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්

රෝඩ් සේෆ්ටි ලෝක ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 172ක් රැස් කළා.

ඒ අනුව කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා ලකුණු 173ක ඉලක්කයක් හිමිවුණා.

පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 158ක් පමණි.

කොදෙව් පිලේ බ්‍රයන් ලාරා ලකුණු 17කට දැවී ගියා.

පන්දු යැවීමේදී සනත් ජයසුරුය විසින් පිට පිට කඩුළු 02ක් දවා ගත අතර නුවන් කුලසේකර ලකුණු 26කට කඩුළු 02ක් බිඳ හෙලීමට සමත්ව තිබෙනවා.

Share This