අලුත් වාහනයක් ගන්න සිහින මවන ඔබට ආණ්ඩුවෙන් බලාපොරොත්තුවක්

අලුත් වාහනයක් ගන්න සිහින මවන ඔබට ආණ්ඩුවෙන් බලාපොරොත්තුවක්

මෙරටට වාහන ආනයනය කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය මෙම වසර අවසානයේදී යළි සමාලෝචනයකට ලක් කිරීමට රජය තීරණය කර තිබෙනවා .

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාද ඒ බව තහවුරු කරණ බව මාධ්‍ය අනාවරණය කර තිබුණා

කෙසේ වෙතත් ඔහු සඳහන් කර ඇත්තේ විදේශයන්ට වාර්ෂිකව ඇදී යන විශාල මුදලක් වාහන ආනයනය තහනම් කිරීමෙන් ඉතිරි කර ගත් අතර එම මුදල් කොවිඩ් මර්දන කටයුතු සඳහා යෙදවීමට හැකිවූ බවයි.

තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය නිසා රුපියල් කෝටි 25,000 කට අධික මුදලක් රජයට මේ දක්වා ඉතිරි කර ගැනීමට හැකිවී තිබෙනවා

Share This