අරලියගහමැදුර අරගලකරුවන් අත්පත් කරගැනීමෙන් පසු පැවැත්වෙන පළමු ජාතික සැමරුම් උත්සවය හෙට

අරලියගහමැදුර අරගලකරුවන් අත්පත් කරගැනීමෙන් පසු පැවැත්වෙන පළමු ජාතික සැමරුම් උත්සවය හෙට

ලෝක ජනාවාස දින ජාතික සැමරැම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(03) පෙරවරු 9.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ හෙට (03)ට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීවයි.

“වෙනසක් නොකරමු, කිසිවකු හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු” යන්න තේමා කරගනිමින් මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පළමු සඳුදා දිනයේදී ලෝක ජනාවාස දිනය සමරන අතර මෙවර එය පැවැත්වෙන්නේ එහි 36 වැනි සැමරුමට සමගාමිවයි.

එසේම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය එක්ව නාගරික ජනාවාසවල ජනතාව වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ළමා චිත්‍ර, කෙටි චිත්‍රපට හා ගෙවතු වගා තරඟවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රධානය කිරීම මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස හිමිකම් ඔප්පු ප්‍රධානයක්ද මෙහිදී සිදුකෙරෙනවා.

ඉකුත් මැයි 9 මස වැනිදා ඇතිවූ කළහකාරී තත්ත්වයෙන් පසුව මෙරට පවැත්වෙන පළමු ජාත්‍යන්තර දින සැමරුම මෙය වන අතර, අරලියගහ මන්දිරය අරගලකරුවන්ගෙන් මුදා ගැනීමෙන් පසුව එහි පැවැත්වෙන පළමු ජාතික සැමරුම් දින උත්සවයද මෙය වනවා.

Share This