අභිමානවත් 75වන ජාතික නිදහස් දිනය අද

අභිමානවත් 75වන ජාතික නිදහස් දිනය අද

අභිමානවත් 75 වන නිදහස් දින සැමරුම මේ වනවිට කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර නිදහස් දින සැමරුම පැවැත්වෙන අද(04) දිනයේ ගාලු මුවදොර අවට මාර්ගවල විශේෂ රථ වාහන සැළැස්මක් සහ ආරක්‍ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි.

නිදහස් දින සැමරුමට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මිත්‍රශීලී රටවල රාජතාන්ත්‍රික නිලධාරීන්ද මේ වන විට ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන නිදහස් දින සැමරුම් උළෙලට එක් වෙමින් සිටිනවා.

නිදහස් දින සැමරුම් උළෙලේ සජීව තොරතුරු ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

Share This