අබුඩාබි T10 පිටියේ කඩුලු දඩයමේ පෙරමුණ ගන්නට හසරංග සහ ඩොමිනික් තියුණු සටනක

අබුඩාබි T10 පිටියේ කඩුලු දඩයමේ පෙරමුණ ගන්නට හසරංග සහ ඩොමිනික් තියුණු සටනක

අබුඩාබි T10 තරගාවලියේ අවසන් මහා තරගය අද (04) රාත්‍රියේ පැවැත්වෙන්නේ ඩෙකැන් ග්ලැඩියේටර්ස් සහ දිල්ලි බුල්ස් කණ්ඩායම් අතරයි.

මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බවටයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

මෙවර තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් ක්‍රීඩකයන් අතර ඩෙකැන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පෙරමුණේ පසුවනවා.

මේ අතර වනිඳු මෙවර අබුඩාබි T10 තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගෙන සිටින්නේ තරග 11කට සහභාගී වෙමින් කඩුලු 19ක් බිඳ දමමින්.

ඔහුට දැඩි අභියෝගයක් එල්ල කරමින් දිල්ලි බුල්ස් කණ්ඩායමේ ඩොමිනික් ඩ්‍රේක්ස් ද තරග 11 කට ක්‍රීඩා කරමින් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව ද 19ක්.

ඒ අනුව අවසන් මහා තරගයේ කඩුලු දඩයමේ දී වනිඳු සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩොමිනික් අතර තියුණු සටනක් නිර්මාණය වනු ඇති බවටයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.

මේ වනවිටත් ජාත්‍යන්තර 20-20 පිටියේ පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන වනිඳු සිය ජාත්‍යන්තර අත්දැකීම් සමඟ මෙවර අබුඩාබි T10 තරගාවලියේ කඩුලු ලාභීන් අතර පෙරමුණ ගනු ඇති බවට විචාරකයින් මත පළ කරනවා.

Share This