අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන එනවා – පාකිස්තාන විදෙස් ඇමතිගෙන් සහතිකයක්

අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන එනවා – පාකිස්තාන විදෙස් ඇමතිගෙන් සහතිකයක්

පාකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාල අපරාධකරුවන් කඩිනමින් නීතිය හමුවට ගෙන එන බව එරට විදෙස් අමාත්‍ය ෂා මහමුද් කුරේෂි පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාව තමන් දැනුවත් කළ බවත් මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව තමන්ගේ බලවත් ශෝකය පළකර සිටි බවත් අදාල ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරුවෙකු ලෙස එරට සේවය කළ ප්‍රියන්ත කුමාර සියල්කොට් නුවර දී ඝාතනය කර සිරුර පුළුස්සා දැමුනේ ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා නඟමින් බවයි වාර්තා වුණේ.

මෙම අපරාධයට සම්බන්ධ 100කට වැඩි පිරිසක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ද සිටින බවයි වාර්තා වන්නේ.

 

 

Share This