අපනයනය වෙනුවෙන් තවත් කෙසෙල් වගා ව්‍යාපෘති දෙකක්

අපනයනය වෙනුවෙන් තවත් කෙසෙල් වගා ව්‍යාපෘති දෙකක්

අපනයනය ඉළක්ක කර ගනිමින් තවත් ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිස් කෙසෙල් වගා ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අද (26) අගුනකොළපැලැස්ස සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පැවති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ජූනි මාසය අවසන් වීමට ප්‍රථම මෙම ව්‍යාපෘති දෙකේ වැඩ කටයුතු ආරම්භ කරන ලෙසයි

ඒ අනුව ඇඹිලිපිටිය සහ සෙවණගල ප්‍රදේශවල එම වගා ව්‍යාපෘති දෙක ආරම්භ කෙරෙන බව සඳහන්.

එමෙන්ම රුපියල් මිලියන 150ක වියදමින් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් බරවකුඹුක ප්‍රදේශයේ ඉදි කිරීමට ද නියමිතයි

Share This