අනවසරයෙන් පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන කළුගල් වළක් පවත්වාගෙන ගිය දෙදෙනෙක් STF අත්අඩංගුවට

අනවසරයෙන් පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන කළුගල් වළක් පවත්වාගෙන ගිය දෙදෙනෙක් STF අත්අඩංගුවට

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කළුගල් කැණීම් කරන ස්ථානයක් පවත්වාගෙන යමින් අනවසරයෙන් පුපුරණ ද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ (14) මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු දෙදෙනා වයස අවුරුදු 53ක් සහ 34ක් වන අනුරාධපුර සහ ශ්‍රාවස්තිපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර තිබෙනවා.

මොවුන් සන්තකයේ තිබී අනවසරයෙන් තබාගෙන සිටි වෝටර් ජේල් කරල් 10ක්, ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ ග්‍රෑම් 7.8ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 14ක් සහ කළු කුඩු හෙවත් බ්ලාස්ටර් පවුඩර් ග්‍රෑම් 300ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

Share This